100 වැනි ටෙස්ට් තරගයේ දී සුපිරි දස්කම් බෑ මිචෙල් ස්ටාර්ක්

ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ සිය 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ඔස්ට්‍රෙලියාවේ වේග පන්දු ක්‍රීඩක මිචෙල් ස්ටාක් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ වර්ණවත් පරිච්ඡේදයක් ඊයේ (14) දිනයේ දී ලියා ගැනීමට සමත් වුණා.

ඒ කින්ග්ස්ටන් හි දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පැවති තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ද ජය ගැනීමට පන්දුවෙන් කළ හැකි දස්කම උපරිමයෙන් විදහා පාමින්.

ටෙස්‍ට් තරගයක ඉනිමක දී වේගයෙන්ම කඩුලු 05 ක් ලබාගත් පන්දු යවන්නා බවට මිචෙල් ස්ටාක් පත් වුණා.

ඔහු පන්දු වාර 074කුත් තවත් පන්දු තුනක් ක්‍රියාත්මක කරමින් නිලකුණු පන්දුවාර 04ක් ද යොමු කළා.

ඒ ලකුණු 09ක් පමණක් ලබා දෙමින් කඩුලු 06ක් ම බිඳ දමමින්.

මීට අමතරව තම ටෙස්ට් දිවියේ කඩුලු 400 සීමාව පසුකර ගිය මිචෙල් ස්ටාර්ක් කොදෙව්වන්ට එරෙහි ව පැවති තරග 03දී ම කඩුලු 15ක් බිඳ හෙලුවා.

කොදෙව්වන්ට එරෙහි අවසන් ටෙස්ට් තරගයේ දී තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ද සම්මානය හිමිවූයේ මෙම සුපිරි පන්දු යවන්නා හටයි.

එමෙන්ම කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයේ දෙවැනියට අඩුවෙන් ම දැවී ගිය කණ්ඩායම ලෙසට ද කොදෙව්වන් ඉතිහාසගත වුණා.

ඒ ඔවුන් සියලු දෙනා ම දෙවැනි ඉනිමේ දී ලකුණු 27කට දැවී යාමත් සමගින්.

ඒ අනුව ඔස්ට්‍රෙලියාව ඊයේ දිනයේ දී කොදෙව්වන්ට එරෙහි 3-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයක් ද ලබා ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24