මීගමුව හා දිවුලපිටිය පොලිස් මනුදමින් බැඳුණු දසත බෝපත පිංකම අතිසාර්ථක ව අවසන්

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් මීගමුව පොලිස් අධිකාරි කාර්‍යාලය හා දිවුලපිටිය පොලිස් ස්ථානය ඒකාබද්ධ ව සංවිධානය කරන ලද ‘දසත බෝපත’ පිංකම් මාලාවේ තවත් දිගහැරුමක් අද (10) උදෑසන සිට පස්වරුව තෙක් දවස පුරා සිදු කර සාර්ථක ව අවසන් කෙරුණා.

මෙම වැඩසටහනට පූර්ණ මාධ්‍ය ශක්තිය හා අනුග්‍රහය ලබා දුන්නේ දසත මාධ්‍ය නාලිකාව විසින්.

අද උදෑසන ආරම්භ වූ පින්කම් මාලාවේ පළමු අදියර ලෙස උපාසක උපාසිකා පිරිස සිල් සමාදන් කරවීම සිදු කෙරුණේ ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ හාම්පිටිගම් – අලුත්කූරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය කලගම්වත්තේ තණ්හංකර ස්වාමීන් වහන්සේ විසින්.

ඉන් අනතුරුව උදෑසන ධර්ම දේශනාව ශ්‍රී ජයබෝධි සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍යපාද රංවල සරණසිරි හිමි සිදු කළා.

සම්බුද්ධ පූජාව සිදු කළේ පූජ්‍ය කැටන්දොළ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ යි.

පස්වරු ධර්ම දේශනයට පූජ්‍ය හීනටියන ඥානවිමල ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීමෙන් සිදු කෙරුණා.

දසත බෝපත ඇසළ පොහෝ දිනය දා පැවැත්වුණු ධර්ම සාකච්ඡාවට වැඩම කළේ ආචාර්‍යය ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය හල්මිල්ලකුලමේ සුජාතඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ යි.

මෙම පිංකම් මාලාව අද දිනයේ අවසන් කරමින් විශේෂ කාව්‍යමය ධර්ම දේශනයට කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය තෝරපිටියේ සරණ හිමි වැඩම කළා.

මෙම සම්පූර්ණ වැඩසටහන් මාලාව ම අද දවස පුරා දසත සයිබර් අවකාශය හරහා සැදැහැවත් ප්‍රේක්ෂක ජනයා වෙත ද සමීප කිරීමට දසත මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?