මීගමුව හා දිවුලපිටිය පොලිස් මනුදමින් බැඳුණු දසත බෝපත පිංකම අතිසාර්ථක ව අවසන්

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් මීගමුව පොලිස් අධිකාරි කාර්‍යාලය හා දිවුලපිටිය පොලිස් ස්ථානය ඒකාබද්ධ ව සංවිධානය කරන ලද ‘දසත බෝපත’ පිංකම් මාලාවේ තවත් දිගහැරුමක් අද (10) උදෑසන සිට පස්වරුව තෙක් දවස පුරා සිදු කර සාර්ථක ව අවසන් කෙරුණා.

මෙම වැඩසටහනට පූර්ණ මාධ්‍ය ශක්තිය හා අනුග්‍රහය ලබා දුන්නේ දසත මාධ්‍ය නාලිකාව විසින්.

අද උදෑසන ආරම්භ වූ පින්කම් මාලාවේ පළමු අදියර ලෙස උපාසක උපාසිකා පිරිස සිල් සමාදන් කරවීම සිදු කෙරුණේ ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ හාම්පිටිගම් – අලුත්කූරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය කලගම්වත්තේ තණ්හංකර ස්වාමීන් වහන්සේ විසින්.

ඉන් අනතුරුව උදෑසන ධර්ම දේශනාව ශ්‍රී ජයබෝධි සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍යපාද රංවල සරණසිරි හිමි සිදු කළා.

සම්බුද්ධ පූජාව සිදු කළේ පූජ්‍ය කැටන්දොළ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ යි.

පස්වරු ධර්ම දේශනයට පූජ්‍ය හීනටියන ඥානවිමල ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීමෙන් සිදු කෙරුණා.

දසත බෝපත ඇසළ පොහෝ දිනය දා පැවැත්වුණු ධර්ම සාකච්ඡාවට වැඩම කළේ ආචාර්‍යය ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය හල්මිල්ලකුලමේ සුජාතඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ යි.

මෙම පිංකම් මාලාව අද දිනයේ අවසන් කරමින් විශේෂ කාව්‍යමය ධර්ම දේශනයට කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය තෝරපිටියේ සරණ හිමි වැඩම කළා.

මෙම සම්පූර්ණ වැඩසටහන් මාලාව ම අද දවස පුරා දසත සයිබර් අවකාශය හරහා සැදැහැවත් ප්‍රේක්ෂක ජනයා වෙත ද සමීප කිරීමට දසත මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09