UPDATE: හෝමාගමින් හමු වූ පුද්ගල මළසිරුරේ කාන්තාවකගේ හිසකෙස් (වීඩියෝ)

අද (10) පෙරවරුවේ හෝමාගම – විකල්ප මාර්ගයේ තිබී සොයාගත් 35 හැවිරිදි පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ, ජින්තුපිටිය – ආඳුරුප්පු වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි පලනි සිරාම් නමැත්තෙකු බවයි.

මෙම පුද්ගලයා ප්‍රබල අපරාධ කල්ලි නායක පූකුඩු කන්නාගේ සංවිධානාත්මක අපරාධ ජාලයේ ගෝලයෙකු බවටත් හෙළි ව තිබෙනවා.

එමෙන්ම මෙම මරණකරු 2022 වර්ෂයේ දී වස දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කළ අයෙක් බවත්, ඔහුට මරණ තර්ජන ද තිබූ බවත් අනාවරණය වී ඇතැයි වාර්තා වන්නේ.

මරණකරු කාන්තා ඇසුරට දැඩි ලෙස ලොල් වූ අයෙකු බවත් හෙළි ව තිබෙනවා.

ඔහුගේ මියගිය සිරුරේ තිබී කාන්තාවකගේ කෙස් හමුවී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මෙම තරුණයාව වෙනත් ස්ථානයක දී ඝාතනය කර පසුව මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇති බව පොලිසිය සැක පළ කරනවා.

මරණකරු මියගොස් ඇත්තේ හිසට ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් බවයි පොලිසිය පැවසුවේ.

ඔහුගේ ගෙලෙහි යම් ඉදිමුම් තත්ත්වයක්, ඒ ආසන්නයේ ලේ පැල්ලමක් ද දක්නට ලැබෙන බවත් පොලිසිය පැවසුවා.

මරණකරුගේ සිරුර හමු වූ විකල්ප මාර්ග කොටස මෙතෙක් විවෘත කර නොමැති මාර්ගයක් බවත් ඒ අවට රාත්‍රියේ දී අඳුරුසහගත තත්ත්වයක් පවතින බව ද වාර්තා වනවා.

මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධන ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56