පෝයට වැඩි මිලට විකුණන්න තියාගත්ත මත්පැන් තොගයක් සොයා ගැනේ (වීඩියෝ)

ඇසළ පොහොය දා අලෙවි කිරීමට සඟවා තිබූ රජයේ අනුමත මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුව ඊයේ (09) අත් අඩංගුවට ගැනුණේ නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මටුකැලේ වතුයායේ දී බවයි.

සැකකරුව නඩු භාණ්ඩ සමගින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ලිදුල පොලිසියට භාර දී තිබෙනවා.

මෙම සැකකරු ලිදුල – මටුයාය වත්තේ පදිංචි අතර එම වතු යායේ වතු කම්කරුවන්ට වැඩි මිලකට අලෙවි කිරීමටයි මත්පැන් සඟවා තබා ඇත්තේ.

පොලිස් භාරයට ගැනුණු මත්පැන් බෝතල් ගණන 30ක් සහ රා බෝතල් ගණන 96ක්.

සැකකරු 30 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?