රෆේල් ජෙට් යානා ගැන චීනය බොරු කියන බවට ප්‍රංශ බුද්ධි සේවයෙන් අනාවරණයක්

මැයි මාසයේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර යුද ගැටුමෙන් පසු ප්‍රංශයේ නිෂ්පාදිත රෆේල් ජෙට් යානාවල ක්‍රියාකාරිත්වය පිළිබඳව සැක පතුරුවා හැරීම සඳහා චීනය තම තානාපති කාර්යාල යෙදවූ බව ප්‍රංශ හමුදා සහ බුද්ධි නිලධාරීන් පවසනවා.

එය ප්‍රංශයේ ප්‍රමුඛ ප්‍රහාරක යානයේ කීර්ති නාමය සහ අලෙවිය අඩපණ කිරීමේ බීජිං උත්සාහයක් ලෙසයි සැලකෙන්නේ.

ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රංශ බුද්ධි සේවා උපුටා දක්වමින් වාර්තා කළේ, චීනයේ විදේශ තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකවරු රෆේල් අලෙවිය අඩපණ කිරීමට, දැනටමත් ඇණවුම් කර ඇති රටවල් – විශේෂයෙන් ඉන්දුනීසියාව – වැඩිපුර මිලදී නොගන්නා ලෙසත්, අනෙකුත් විභව ගැනුම්කරුවන් චීන නිෂ්පාදිත ගුවන් යානා තෝරා ගැනීමට දිරිමත් කිරීමට උත්සාහ කළ බවයි.

නිලධාරියා සහ බුද්ධි සේවය හෙළි නොකිරීමේ කොන්දේසියක් මත ප්‍රංශ හමුදා නිලධාරියෙකු විසින් මෙම සොයාගැනීම් AP වෙත ලබා දී තිබෙනවා.

මැයි මාසයේ දී දින හතරක් පැවති ඉන්දු-පකිස්ථාන ගැටුම්, න්‍යෂ්ටික සන්නද්ධ අසල්වැසියන් දෙදෙනා අතර වසර ගණනාවක් තුළ ඇති වූ බරපතළම ගැටුම වූ අතර, දෙපාර්ශ්වයේම ගුවන් යානා ඊට සම්බන්ධ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?