ලුණු මිල ගැන පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

ආහාරයට ගන්නා ලුණු සම්බන්ධ ව පාලන මිලක් පැනවීම සම්බන්ධව පළ වන වාර්තා පිළිබඳ ව පාරිභෝගික අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය අතර පැවැත්වුණු සාකච්ඡාවක දී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට පළවන වාර්තා පාරිභෝගික අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය අතර නො පැවැත්වුණු බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

උපරිම සිල්ලර මිලක් පැනවීමේ දී අදහස් ලබාගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව විසින් ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කැඳවා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවේ දී මතු වූ කරුණු ද සැලකිල්ලට ගනිමින් නියම කළ යුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව මගින් තීරණය කරනු ලැබුවහොත් එම මිල ගණන් අධිකාරිය වෙත දැනුම්දීමට සභාව විසින් කටයුතු කරනු ඇති.

ඒ අනුව එම මිල ගණන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කිරීමට අධිකාරිය කටයුතු කරන අතර මාධ්‍ය වෙත ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය ඉදිරිපත් කර ඇති මිල ගණන් හා ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එකඟ වූ බවට වන ප්‍රකාශය සාවද්‍ය බවත් සඳහන්.

  1. ගෙනාපු ලුණු ටික ගානක් තියන් විකුණලා කොමිස් එක ඇමැති ගත්තට පස්සෙ එපයි පාලන මිලක් දාන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02