ආහාරයට ගන්නා ලුණු සම්බන්ධ ව පාලන මිලක් පැනවීම සම්බන්ධව පළ වන වාර්තා පිළිබඳ ව පාරිභෝගික අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය අතර පැවැත්වුණු සාකච්ඡාවක දී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට පළවන වාර්තා පාරිභෝගික අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.
එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය අතර නො පැවැත්වුණු බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
උපරිම සිල්ලර මිලක් පැනවීමේ දී අදහස් ලබාගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව විසින් ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කැඳවා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එම සාකච්ඡාවේ දී මතු වූ කරුණු ද සැලකිල්ලට ගනිමින් නියම කළ යුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව මගින් තීරණය කරනු ලැබුවහොත් එම මිල ගණන් අධිකාරිය වෙත දැනුම්දීමට සභාව විසින් කටයුතු කරනු ඇති.
ඒ අනුව එම මිල ගණන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කිරීමට අධිකාරිය කටයුතු කරන අතර මාධ්‍ය වෙත ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය ඉදිරිපත් කර ඇති මිල ගණන් හා ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එකඟ වූ බවට වන ප්‍රකාශය සාවද්‍ය බවත් සඳහන්.
















