බොරැල්ලේ වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අල්ලයි

බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රදේශයේ දී පසුගිය ජුනි මස 24 වනදා පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරක් මත මෙම අපරාධය සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (04) රාත්‍රියේ බොරැල්ල පොලිස් වසමේ සිරිසර උයන හා වැල්ලම්පිටිය පොලිස් වසමේ සේදවත්ත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 18 හා 19 වයස්වල පසුවන්නන් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් අපරාධයට යොදාගත් යතුරුපැදිය ධාවනය කළ තැනැත්තා බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම අපරාධයට අදාළව සැකකරුවන් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35