මදුරු මර්දන සතියේ පළමු දිනයේම 143 කට නඩු – රතු නිවේදන 601ක්

දිස්ත්‍රික්ක 16ක් මූලික කරගනිමින් ජාතික මදුරු මර්දන සතිය ඊයේ (30) ආරම්භ වුණා.

මෙහි පළමු දින තුන තුළ දිස්ත්‍රික්ක අටක මේ වැඩසටහන ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර පවසනවා.

ඒ අනුව ඊයේ (30) දිනයේ සිදුකළ පරික්ෂා කිරීම්වල දී කොට්ඨාස 55ක් වැඩි අවධානම් කොට්ඨාස ලෙස හදුනාගෙන ඇති බවයි ඇය සඳහන් කළේ.

මෙහිදී ස්ථාන 22,318ක්‌ ඊයේ දින පරීක්ෂා කිරීම් සිදුකර ඇති අතර, එහිදී ස්ථාන 4,481ක් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව 20%ක් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හදුනාගෙන ඇති බවත්, පරීක්ෂා කරන සෑම ස්ථාන පහකින් එක් ස්ථානයක් මදුරුවන් බෝ වෙන ස්ථාන ලෙස හදුනාගෙන ඇති බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ඊයේ (30) දිනයේ දී රතු නිවේදන 601ක් නිකුත් කර ඇති අතර නඩු පැවරිම් 143 සිදුකර ඇති බවත් ඇය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?