ජාතික මදුරු මර්දන සතිය අද ඇරඹේ

දිස්ත්‍රික්ක 16ක් කේන්ද්‍රකර ගනිමින් අද (30) සිට ජාතික මදුරු මර්දන සතියක් ආරම්භ වනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ මෙම වැඩසටහන වෙනුවෙන් කණ්ඩායම් 1,100ක් යොදවා ඇති බවයි.

ඒ, අනුව එළඹෙන ජූලි 05 වනදා දක්වා මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් විසි අටදහසක් පමණ වාර්තා වී ඇති අතර, වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 16ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?