සුපිරි කැබ් රථයකින් එළියට ආ පිළිස්සුණු ව්‍යාපාරිකයාගේ මළසිරුර (වීඩියෝ)

කාර් රථයක් තුළ පිළිස්සුණ මළසිරුරක් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (26) දහවල් කාලයේ දී මහව පොලිස් වසමේ දියබැටේ කැලෑබද ප්‍රදේශයේ දී පිළිස්සුණු සිරුරක් සොයා ගැනුණු බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි කමල් සම්පත් නමැති මිල්ලව – කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු ජුලි 25 වැනි දින කොණ්ඩය කැපීමට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙනවා.

නමුත් ඔහුගේ පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් දොරටියාව පොලිසියට මරණකරුගේ බිරිඳ විසින් පැමිණිල්ලක් ද සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේවෙතත් මෙම පුද්ගලයාට රන්දොළ නමින් හෝටලයක් ද මිල්ලව ප්‍රදේශයේ ඇති අතර ඔහු ව්‍යාපාරිකයෙකු ලෙසට ද ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලන බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

නමුත් මෙම මරණය ඝාතනයක් ද, සියදිවි හානි කරගැනීමක් දැයි මෙතෙක් හෙළි වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?