තර්ස්ටන් විදුහලට නව තෙමහල් ගොඩනැගිල්ලකට කැබිනට් අනුමැතිය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පවතින පැරණි තෙමහල් ගොඩනැගිල්ලක් සිසුන්ගේ භාවිතයට නුසුදුසු බවත්, එය කඩා ඉවත් කළ යුතු බවත් මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි විශේෂඥයින් විසින් ලබා දී ඇති වාර්තාවක් මඟින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, එම ගොඩනැගිල්ල වෙනුවට නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.