රට බරපතළ තැනක: සති දෙකකට රට වහන්න යයි – ජනපතිට යළි ලිඛිත ඉල්ලීමක්

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බවත් එය පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ දැනට පවතින පළාත් සංචරණ සීමා මෙම අවස්ථාවේදී ප්‍රමාණවත් නොවන බවත් දින 14ක් දැඩි සංචරණ සීමා පැනවිය යුතුය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතුළු සියලුම විශේෂඥවරුන්ගේ මතය බවයි.

දින 14ක් දැඩි සංචරණ සීමා පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමට බලාපොරොත්තු වන බව ද සංඛ්‍යලේඛන කුමක් වුවත් මේ වන විට රෝගීන් වාර්තාවීමේ වේගය සීඝ්‍රයෙන් ඉහළයමින් ඇති බවද සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ ආකාරයට රෝගීන් වාර්තා වුවහොත්, පැය 6කට හෝ 4කට වරක් ඇඳන් 1000ක අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය බැගින් විවෘත කරන්නට සිදුවනු ඇතැයි ද පෙන්වා දෙන වෛද්‍යවරයා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් සංඛ්‍යාව වැඩිකර මෙම තත්වය පාලනය කළ නොහැකි බවද කියා සිටියේය.

පුහුණු සෞඛ්‍ය සේවකයන්ට දරාගත නොහැකි මට්ටමින් රෝගීන් වැඩි වුවහොත් දරුණු තත්වයක් ඇතිවනු ඇතැයි ද ඇඳන් වැඩිකර වසංගතය පාලනය කළ හැකි නම් ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවලටත් මෙය පාලනය කරන්නට හැකියාව තිබූ බවත් ඉදිරි දින කීපය තුළ ගන්නා තීන්දු තීරණ මත රටේ ඉදිරිය තීරණාත්මක වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා තිබූ බවත් වසංගත රෝග විද්‍යා අංශය එය ක්‍රමානුකූලව නොකිරීම ගැන තම සංගමයේ නොසතුටක් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33