ඥාතීන්ට පැණි වරකා දී සුරූපිනිය බිළිගත් කාමාතුරයා

ශාන්ති කර්මයක් කරන බව පවසා කාන්තාවක් දූෂණය කළ කපුවෙකු අත්අඩංගුවට ගැනීමට වඳුරඹ පොලිසිය සමත් වී තිබෙනවා.

45 හැවිරිදි මෙම රූමත් කාන්තාව කපුවාගෙන් දූෂණය ලක්ව ඇත්තේ ඔහුගේ දේවාලය තුළදීමයි.

මෙම කපුවා 60 හැවිරිදි විවාහකයෙකු බව සඳහන්.

අදාළ කාන්තාව තමන්ට සිදු වූ අතවරය පිළිබඳව පොලීසියට පැමිණිළි කර ඇති අතර කපුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවයි.

දූෂණයට ලක්වූ කාන්තාව කොළඹට ආසන්න ප‍්‍රදේශයක පදිංචිකාරියක්.

ඇය සිය ඥාතීන් සමග විවිධ ශාන්ති කර්ම කරවා ගැනීමට සහ පේන ශාස්ත‍්‍ර ඇසීමට නිරන්තරයෙන් මෙම කපුවාගේ දේවාලයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

මේ සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ද ලබාදෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම අපරාධය වූ දිනයේ ද ඥාතීන් සමග අදාළ කාන්තාව වඳුරඹ පිහිටි කපුවාගේ දේවාලයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ කපුවා ප්‍රකාශ කොට ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පැණි වරකා නොමැති නිසා නිසා තමාගේ වත්ත පහළට ගොස් වරකා අනුභව කරන ලෙසට යි.

අනෙකුත් ඥාතීන් පැණිවරකා අනුභවය සඳහා පිටත් කොට හැරිය ද අතවරයට පත් කාන්තාව පමණක් කපුවා විසින් දේවාලයේ රඳවාගෙන ඇති බව පැවසෙනවා.

අනතුරුව ඔහු විසින් එම කාන්තාව දේවාලය තුළට ගෙන ගොස් එහි දොර වසා ව්‍යාජ ආරුඪ බවක් පෙන්වමින් දූෂණය කළ බව කාන්තාව පවසනවා.

කෙසේ වෙතත් ලැජ්ජාව හේතුවෙන් ඇය ඒ බව එම අවස්ථාවේ කිසිවකුට නොපැවසූ බවයි කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ.

පසුව ඇය මේ බව සිය සොහොයුරියට පවසා පසුව එම ප‍්‍රදේශයේ පොලිසියට ගොස් පැමිණිලි කර ඇති අතර පසුව වදුරඹ පොලිසිය විසින් අදාළ කපුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දූෂණය වූ කාන්තාව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22