වසා දමා ඇති ඉරාන ගුවන් අවකාශය ඉන්දියාව වෙනුවෙන් විවෘත කෙරේ

ඊශ්‍රායලය සමඟ මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් වසා දමා ඇති ඉරාන ගුවන් අවකාශය ඉන්දියාව වෙනුවෙන් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඉරානයේ රැඳී සිටින ඉන්දීය සිසුන්ට යළි ඉන්දියාව බලා යෑමට මෙලෙස ඉරාන ගුවන් අවකාශය ඉන්දියාව වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවත් සමඟ පළමු සිසුන් කණ්ඩායම ලෙස ඉරානයේ රැඳී සිටින ඉන්දීය සිසුන්ගෙන් සිසුන් දහසකගේ කණ්ඩායමක් අද (20) රාත්‍රියේ දිල්ලිය බලා යාමට නියමිතව තිබෙනවා.

යුද ගැටුම්වලින් පීඩාවට පත් ඉරාන නගරවල සිරවී සිටින ඉන්දියානු සිසුන් 1,000ක් රජයේ හදිසි ඉවත් කර ගැනීමේ වැඩසටහන වන “සින්ධු” මෙහෙයුමේ කොටසක් ලෙස ඉදිරි දින දෙක තුළ මෙම සිසුන් දිල්ලියට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එම සිසුන් රැගත් පළමු ගුවන් යානය අද (20) රාත්‍රී 11:00ට දිල්ලියට පැමිණෙන අතර, දෙවන සහ තෙවන ගුවන් ගමන් හෙට (21) උදෑසන සහ සවස පැමිණීමට නියමිතයි.

ඊශ්‍රායල සහ ඉරාන මිසයිල ඩ්‍රෝන ප්‍රහාර සිදුකරන ඉරාන ගුවන් අවකාශය ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාවට තම සිසුන් ඉවත් කිරීම සඳහා මෙලෙස සුවිශේෂී කොරිඩෝවක් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48