දේශබන්දු ගැන පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 28 දෙනෙක් සාක්ෂි ලබා දී අවසන්

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව තවත් සාක්ෂිකරුවන් 7 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා අඛණ්ඩව සිව්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් ඊයේ (19) දින ද රැස් වුණා.

මේ අනුව අද දින සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන් 7 දෙනා ද ඇතුළුව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 28 දෙනෙකු පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීමට පැමිණ අවසන් අතර පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට පරීක්ෂණ කමිටුවේ
අවසරය හිමි වුණා.

මෙම සාක්ෂිකරුවන් දෙදෙනා රාජකාරී කටයුත්තකට විදේශගතව ඇති බවත් ජුනි 26 දින නැවත දිවයිනට පැමිණීමට නියමිත බවත් මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් පරීක්ෂණ කමිටුවට පෙන්වා දුන්නා.

මේ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතාගේද එකඟතාවය මත 26 වැනිදායින් පසු දිනක මෙම සාක්ෂිකරුවන් දෙදෙනා සාක්ෂි ලබාගැනීමට සහ හරස් ප්‍රශ්න ඇසීම සඳහා පරීක්ෂණ කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට පරීක්ෂණ කමිටුවේ අවසරය හිමි වුණා.

පරීක්ෂණ කමිටුව අද (20) දින ද නොකඩවා රැස්වීමට සැලසුම් කර තිබුණ ද, වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා ඉල්ලා සිටියේ වගඋත්තරුගේ නඩුව ඉදිරිපත් කිරීමට සූදානම් වීමට 23 වැනි සඳුදා දින දක්වා කල් ලබාදෙන ලෙසයි.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගේද එකඟත්වය ඇතිව ඒ සඳහා පරීක්ෂණ කමිටුවේ අවසරය හිමි විය. මේ අනුව පරීක්ෂණ කමිටුව 23 වැනි සඳුදා දින නැවත රුස්වීමට නියමිත අතර එදින සිට 25 වැනි බදාදා දක්වා දිනපතා පෙ.ව. 9.30ට, වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝ මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සාක්ෂි ලබාගැනීම සඳහා පරීක්ෂණ කමිටුව හමුවට කැඳවීම නියමිතය.

එසේම මෙම දින 3 තුළ වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවන් 15 දෙනෙකු පැමිණීමට නියමිත බව ද මෙහිදී පරීක්ෂණ කමිටුව දන්වා සිටියා.

මෙම සාක්ෂි ලබාගැනීමෙන් අනතුරුව 26 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 2.00 ට පරීක්ෂණ කමිටුව නැවත රැස්වීමටද මෙහිදී තීරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48