පොලිස් නිලධාරීන්ට තග දමා අතේ හයිය පෙන්නූ පස්දෙනා ම දින 14ක් කූඩුවට

පොලිස් රාජකාරීවලට බාධා සිදු කරමින්, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊයේ (09) රාත්‍රී කාලයේ බේරුවල ධීවර වරාය ප්‍රදේශයේ දීයි මෙම පහරදීම සිදු වූයේ.

සැකකරුවන් ඊයේ රාත්‍රියේ දී ම අත්අඩංගුවට ගෙන අද (10) දහවල් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් පසු පොලිසියට පහර දුන් බවට සැකකරුවන් පස්දෙනාට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් ව පාලනය කිරීමට පොලිසිය අහසට ද වෙඩි තැබුවා.

බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලිසිය උපදෙස් දී තිබෙනවා.

එහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු ව ඇති අතර එය දුරදිග යාමෙන් පසු අදාළ සැකකරුවන් පොලිසියට පහර දී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන්ගේ පහරදීම්වලින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනා මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12