කුළුඳුල් IPL ශූරතා සැමරුම නිසා RCB වෙත නඩු වැටෙයි ?

පෙරේදා (03) රාත්‍රියේ දී අහමදාබාද් නුවර දී රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායම වසර 18කට පසුව කුළුඳුල් IPL ශූරතාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් එය බැංග්ලූරු ප්‍රාන්තයේ සැමරීමට කටයුතු කෙරුණු අතර, සිය ක්‍රීඩා වීරයින් දැක බලා ගැනීමට පැමිණ සිටි දැවැන්ත ජනකාය දැඩි තෙරපීමකට ලක් ව 11 දෙනෙකු මියගොස්, තවත් විශාල පිරිසක් බරතපළ තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ඛේදනීය සිදුවීම සිදු ව තිබියදීත් RCB කණ්ඩායම කිසිදු සංවේදීත්වයකින් තොරව චින්නස්වාමි ක්‍රීඩාංගණය තුළ ජය සැමරුම් පැවැත්වූ බවයි.

එය නුසුදුසු ක්‍රියාවක් බවත්, බැංග්ලූරු ප්‍රාන්ත කළමනාකාරීත්වය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මත මෙවන් ඛේදවාචකයක් ඇති වූ බවත් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මදන් ලාල් චෝදනා කරන්නේ.

එබැවින් ප්‍රාන්ත රජයට මෙන් ම RCB කණ්ඩායමට එරෙහිව ද නඩු පවරා රුපියල් කෝටි 100ක වන්දි මුදල් ඉල්ලා සිටීම සුදුසු බව ද මදන් ලාල් අවධාරණය කරනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් BCCI කිසිදු වගකීමක් රහිතව සිටින බවත්, බරපතළ තුවාල ලැබූවන් මේ වනවිටත් බෝරිං හා වයිදේහි රෝහල් වෙත යොමු කර ඇති බවත් ඇතැමුන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

තම ක්‍රීඩා වීරයින් දැක බලා ගැනීමට ආසාවෙන් නොසිතූ ජනගඟක් චින්නස්වාමි ක්‍රීඩාංගණයට පිටත රැස්ව සිටි අතර තත්ත්වය පාලනය කරගැනීමට නොහැකිව පොලිසිය ලති ප්‍රහාරයක් ද එල්ල කළා.

මින් පැමිණ සිටි ජනගඟ අතර කලබලකාරී තත්ත්වයක් හටගත් බවයි වාර්තා වන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේක්ෂකයින් 11ක් ජීවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් පසු ඊයේ මාධ්‍ය අමතමින් කර්ණාටක මහ ඇමති සිද්ධරාමයියා පැවසුවේ, මියගිය අයගේ පවුල් වෙත රුපියල් ලක්ෂ 10ක වන්දියක් පිරිනැමෙන බවයි.

මූලාශ්‍රය – NDTV

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
6
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43