මාළු මිල ඉහළ යෑමෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට

මාළු මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවට පත් ව සිටිනවා.

මැයි මස මුල සිට මෙසේ මාළු මිල ඉහළ ගොස් ඇති බවත්, මාළු මිල ඉහළ යෑම හේතුවෙන් තම වෙළදාම් කටයුතු ද අඩු බවයි මාළු වෙළෙදුන් කියා සිටියේ.

හැටන් ප්‍රදේශයේ මත්ස්‍ය අලෙවි වෙළදසැල්වල තලපත්, කොප්පරා කිලෝවක සිල්ලර මිල රු.3200 – 3400 දක්වාත්,තෝරු රු.3800 ත්, කෙළවල්ලා කිලෝවක් රු.2900ත්, බලයා කූරි පිටින් රු.1800ත්, පරවු රු.2000 – 2200ත්, ලින්නා රු.1300, සාලයෝ රු.900 ත්, පියා මැස්සන් රු.900 ත්, හුරුල්ලෝ රු. 1700 ත්, හාල්මැස්සන් රු.700 ත්, දැල්ලන් රු.2200ත්, ඉස්සන් රු.2400 ත්, කිරිමොරු රු.2800 ත්, සීලෑවෝ රු.1800 ත්, වැනි මිලකට අලෙවි කිරීම් සිදු කෙරෙනවා.

පවතින අයහපත් කාලගුණය සහ වාරකම් කාලය නිසා මුහුදේ රළු බව වැඩි වීමෙන් ධීවරයන් වැඩි පිරිසක් මුහුදු නොයෑම හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් මේ දිනවල නොමැති වීම මාළු මිල ඉහළ යාමට හේතු බවයි වෙළෙඳුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?