2025 IPL ශූරත්වය දැරීමට PBKS වෙත ලකුණු 191ක ඉලක්කයක්

තම කුළුඳුල් IPL ශූරතාව දිනා ගැනීම සඳහා වන අභියෝගාත්මක ලකුණු පුවරුව පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට මීට ටික වේලාවකට (03) පෙර හිමි වුණා.

ඒ RCB කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 190ක් ලබා ගැනීමත් සමගයි.

අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අවසන් මහා තරගයේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූරුට එරෙහිව කාසියේ වාසිය දිනා ගන්නට PBKS හි නායක ශ්‍රියාර්ස් අයියර් සමත් වුණා.

අයියර්ගේ තීරණය වූයේ පළමු ව පන්දු යැවීමයි.

ඒ අනුව පිටියට පිවිසි RCB වරුන් ඇතැම් අවස්ථාවල දී ප්‍රවේගකාරී පිතිහරඹ දියත් කරමින් ද, තවත් විටෙක ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ ග්‍රහණයට නතු වෙමින් අසීරු පිතිහරඹයක ද නිරත වන අයුරු දක්නට ලැබුණා.

කෙසේවෙතත් කෙටි ලකුණු තුළ දී සිය සගයින් බිඳ වැටෙමින් සිටි අවස්ථාවක දී ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකුගේ වගකීම කරට ගත් විරාට් කෝලි පන්දු 35ක දී ලකුණු 43ක් රැස් කළ අතර, ඔහු දැවී ගියේ අර්ධ ශතකය පෙනෙන මානයේ සිටියදී අෂ්මතුල්ලා ඔමර්සායිගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබාදෙමින්.

නායක රජට් පටිදර් ලකුණු 26ක් සහ මයන්ක් අග්‍රාවල් ලකුණු 24ක් රැස් කළා.

කඩුලු 04ක් බිඳ වැටී තිබියදී ලියෑම් ලිවින්ග්ස්ටෝන් සමග එක් වු ජිතේෂ් ශර්මා RCB කණ්ඩායමේ ලකුණු පුවරුව ඔසවා තැබීමට සමත් වුණා.

ලිවින්ග්ස්ටෝන් ලකුණු 25ක් රැස් කරගත්තා.

ජිතේෂ් ශර්මා ලකුණු 24යි.

RCB කණ්ඩායම ලකුණු 200ක සීමාවට රැගෙන යාමේ වගකීම සිය කරමතට ගත් රොමාරියෝ ශෙපර්ඩ් පන්දු 09කදී ලකුණු 17ක් රැස් කළේ හයේ පහර 01ක් සහ එක් හතරේ පහරක් ද සමගින්.

කඩුලු බිඳ දැමීමේ දී Kyle Jamieson හා අර්ශඩීප් සින්ග් කඩුලු 03 බැගින් දවා ගත්තා.

එක් කඩුල්ල බැගින් හිමිවූයේ, යුෂ්වේන්ද්‍ර චහල්, විජයකුමාර් වෛශාඛ් සහ ඔමර්සායි හට යි.

ඒ අනුව වසර 11කට පසුව ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියක අවසන් මහා සටනට සුදුසුකම් ලැබූ පන්ජාබ්වරුන්ට අද සිය ශූරතාව ලබා ගැනීමට බැංග්ලූරු කණ්ඩායමෙන් හිමි වූ ඉලක්කය ලකුණු 191ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08