ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ආරම්භ වුණා.
මෙහි අරමුණ වන්නේ සාගර ජීවීන් හට සුවපහසු හිතකර පරිසරයක් නිර්මාණය කිරීමයි.
කොරල්පර පරිසර පද්ධතිවලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන් ඔෆ් තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණ වනවා.
ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් යටතේ සම්බන්ධීකරණය කෙරුණා.
මේ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන කිහිපයක ද දායකත්වය ලැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.












