මිචෙලින් සමාගමේ උද්ඝෝෂණය කළ සේවකයින් වෙනුවෙන් ආයතනයෙන්ම සහතිකයක් (නිවේදනය)

2025 මැයි මස 23 වැනි දින පස්වරුවේ සිට Michelin Lanka පෞද්ගලික කර්මාන්ත ශාලාවේ සේවක පිරිසක් විසින් ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යාමට බලපෑම් ඇති කරන ආකාරයෙන් කටයුතු සිදු කර ඇති බව වාර්තා වනවා.

මිදිගම පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින් විසින් සියැට් (CEAT) සමූහයේ රැකියා සඳහා සියැට් සමූහයට මාරුවන සියලු සාමාජිකයින් සමගින් විවෘත ව සාකච්ඡා කිරීමට තම සමාගම කැප වී සිටින බවයි Michelin Lanka සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ගෝලීය පාරිභෝගිකයින් වෙත අඛණ්ඩ ව නිෂ්පාදන හා සේවා සැපයීම සඳහා කාර්මික සමගිය මනාව තිබිය යුතු බැවින් මෙකී අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් ඇති වූ දුෂ්කරතාව පිළිබඳ ව Michelin Lanka සමාගම සිය කනගාටුව පළ කර සිටිනවා.

මිචලින් හා සියැට් සමාගම් අතර වන එකඟතා ගිවිසුම තුළින් රැකියා මාරුවීම් සිදු කරන සියලු සාමාජිකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ ජ්‍යේෂ්ඨත්වය ඒ අයුරින් ම ඉදිරියට පවත්වාගෙන යාමට සියැට් සමූහය කටයුතු කරන බව මිචලින් ලංකා ලෙස නැවත නැවතත් අදාළ සමාගම සිය නිවේදනයේ අවධාරණය කරනවා.

මෙම හුවමාරුවේ දී රැකියා වෙළෙඳපොළේ ප්‍රමිතීන් හා සැසඳීමේ දී සැලකිය යුතු ආකාරයේ ඉහළ වැටුප් හා ප්‍රතිලාභ පැකේජ ඇතුළු වෘත්තීය නියමයන් හා කොන්දේසි පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
7
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32