අසල්වාසී ඉන්දියාවේ ගෙවුණු සතිය තුළ කොවිඩ් මරණ 07ක් – වෛරසයේ පැතිරයාම වේගයෙන්

ඉන්දියාව තුළ ගෙවුණු සතිය තුළ කොවිඩ් 19 වෛරසය වැළඳුණු රෝගීන් 257 වාර්තා වී ඇති බවත්, සිදු වූ මරණ 07ක් ද වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

‘the hindu’ වෙබ් අඩවිය වාර්තා කළේ, මේ වනවිට ඉන්දියාව තුළ කොවිඩ් වැළඳුණු රෝගීන් 1009 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

සමස්තයක් වශයෙන්, පසුගිය සතිය තුළ රට තුළ රෝගීන් 752 ක වැඩිවීමක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

කෙසේවෙතත් කොවිඩ් වැළඳුණු රෝගීන් 305 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි ‘the hindu’ වෙබ් අඩවිය සඳහන් කළේ.

මැයි මස 26 වැනි දින වනවිට කේරළය, තමිල්නාඩුව සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලින් රෝගීන් වැඩිවීමක් වාර්තා වී තිබෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID ප්‍රභේදවලට අනුව, NB.1.8.1 සහ LF.7 මෑතකදී ඉන්දියාවෙන් සොයා ගත්තා.

චීනයේ සහ ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල COVID-19 රෝගීන් වැඩිවීමට මෙම ප්‍රභේද හේතු වී ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම නැවතත් කොවිඩ්-19 රැල්ලක් අග්නිදිග ආසියාව පුරා පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

චීනය සහ සිංගප්පූරුව ඇතුළු රටවල මේ වන විට දහස් සංඛ්‍යාත කොවිඩ්-19 රෝගීන් වාර්තා වී ඇති අතර, තායිලන්තයේ පමණක් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති බවත් සඳහන්.

නව කොවිඩ් රැල්ලක් අග්නිදිග අසියාව පුරා ව්‍යාප්ත වීමත් සමඟ ජනවාරි මස සිට මැයි මස දක්වා තායිලන්තයේ COVID-19 රෝගීන් 187,031 ක් සහ COVID මරණ 46 ක් වාර්තා වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හොංකොං, සිංගප්පූරුව, චීනය සහ තායිලන්තය යන රටවල ජනාකීර්ණ ප්‍රදේශවල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55