කාලගුණ නිවේදන ගණන් නොගෙන මුහුදු ගිය බෝට්ටුවක් පෙරළී අයෙක් මරුට

ධීවර කටයුතුවල යෙදී සිටි කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් ධීවරයෙකු බේරාගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර ඊයේ (28) පස්වරුවේ සිදු ව ඇත්තේ හලාවත – කරුකුපනේට නුදුරු මුහුදු ප්‍රදේශයේ දී බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ හලාවත – අළුත්වත්ත පදිංචිව සිටි ජයතුංග ආරච්චිගේ දොන් ජනිත් ක්‍රිශාන් අප්පුහාමි නම් වූ 39 හැවිරිදි අයෙක්.

අනතුරට පත්ව ඇති යාත්‍රාව ඊයේ අලුයම හලාවත – අළුත්වත්ත ප්‍රදේශයෙන් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් තිබෙනවා.

එම යාත්‍රාව හලාවත – කරුකුපනේට නුදුරු මුහුදේ දී අයහපත් කාලගුණික තත්ත්වය නිසා පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත් යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් මුහුදේ පීනා කරුකුපනේ ගම්මානයට පැමිණ දිවි ගලවාගෙන තිබෙනවා.

යාත්‍රාව පෙරළී යාමෙන් අතුරුදන්ව සිටි ධීවරයාගේ සිරුර ඊයේ සවස ආරච්චිකට්ටුව – මුතුපන්තිය වෙරළට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබෙනවා.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහා රෝහලට ගෙනැවිත් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?