ධීවර කටයුතු මුවාවෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට නාවික හමුදාවට උපදෙස්

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට සහ ධීවර කටයුතු මුවාවෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා.

ධීවර, ජලජීවී වගා සහ සමුද්‍ර සම්පත් අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණු අවස්ථාවේදියි මෙම උපදෙස් දී ඇත්තේ.

ධීවර, ජලජ විද්‍යා හා සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ධීවර, ජලජ විද්‍යා හා සමුද්‍ර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, අමාත්‍යාංශ දෙකෙහිම ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සහ නාවික හමුදාපතිවරයා සහභාගී වුණා.

ඉඩම් ගැටලු, ධීවර වරායන්හි ගැටලු, තහනම් උපකරණ භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම ඇතුළු කරුණු මෙම රැස්වීමේ දී විස්තරාත්මකව සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ධීවරයින්ගේ අනවසර ක්‍රියා මධ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම ද සිදු වන බවත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එබැවින්, ඉන්දීය ධීවරයින්ගේ අනවසර ආක්‍රමණ වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස මෙම රැස්වීමේ දී නාවික හමුදාවට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17