ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට සහ ධීවර කටයුතු මුවාවෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා.
ධීවර, ජලජීවී වගා සහ සමුද්‍ර සම්පත් අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණු අවස්ථාවේදියි මෙම උපදෙස් දී ඇත්තේ.
ධීවර, ජලජ විද්‍යා හා සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ධීවර, ජලජ විද්‍යා හා සමුද්‍ර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, අමාත්‍යාංශ දෙකෙහිම ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සහ නාවික හමුදාපතිවරයා සහභාගී වුණා.
ඉඩම් ගැටලු, ධීවර වරායන්හි ගැටලු, තහනම් උපකරණ භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම ඇතුළු කරුණු මෙම රැස්වීමේ දී විස්තරාත්මකව සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.
ඉන්දීය ධීවරයින්ගේ අනවසර ක්‍රියා මධ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම ද සිදු වන බවත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
එබැවින්, ඉන්දීය ධීවරයින්ගේ අනවසර ආක්‍රමණ වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස මෙම රැස්වීමේ දී නාවික හමුදාවට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.





