පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 8.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කළා.
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස්වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.
පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කළේ, සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා චක්‍රලේඛය නිවැරදි කර සතියක් ඇතුළත නව චක්‍රලේඛයක් නිකුත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද තීරණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
+1
+1
3





