රජයේ නිල වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජරට විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවිවලට මෙන්ම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

කෙසේ වෙතත් මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්වයට පත්කර ඇති බවයි වාර්තාවන්නේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේතිලක කියා සිටියේ අද උදෑසන එල්ලවූ මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ගුවන් හමුදා සයිබර් ආරක්ෂණ අංශය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දැනුම්දුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?