චෙන්නායිවරුන්ගෙන් රාජස්ථාන් වෙත ලකුණු 188ක ඉලක්කයක්

චෙන්නායි සුපර් කින්ග්ස් පරාජයට පත් කිරීමට ප්‍රතිවාදී රාජස්ථාන් රෝයලස් කණ්ඩායමට ලකුණු 188ක ඉලක්කයක් අද (20) හිමිවුණ.

නව දිල්ලි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අද තරගයේ කාසියේ වාසිය හිමිවූයේ රාජස්ථාන් නායකයා වෙත යි.

ඔහු පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

චෙන්නායිවරුන්ගේ මුල් පෙළ පිතිකරුවන් ආරම්භයේ දී මන්දගාමී ස්වරූපයක් සහ දුර්වල පිතිකරණයක් පෙන්නුම් කළ ද, ඉනිම ගොඩනගමින් ඩ්වල් බ්‍රවිස් සහ ශිවම් ඩබ් ලකුණු පුවරුව 200 සීමාවට ආසන්න කරවීමට දැඩි උත්සාහයක් දැරුවා.

ඊට ආරම්භක පිතිකරු වූ Ayush Mhatre ගේ ලකුණු 43ත්, බ්‍රවිස්ගේ ලකුණු 42 මෙන් ම ඩබ්ගේ ලකුණු 39 ද මනා ලෙස උපයෝගී වුණා.

මහේන්ද්‍ර සින්ග් දෝනි ලකුණු 16යි.

කඩුලු බිඳ දැමීමේ දී රාජස්ථාන් වෙනුවෙන් යුද්වීර් සින්ග් සහ ආකාෂ් මද්වාල් කඩුලු 03 බැගින් ද, ටුෂාර් දේශපාන්ඩේ සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව චෙන්නායිවරුන් කඩුලු 08ක් දැවී පන්දුවාර 20 නිමකළේ ලකුණු 187ක් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?