කොළඹ අනතුරුදායකයි – ඊයේ රට පුරා රෝගීන්ගේ වාර්තාව මෙන්න

ඊයේ (16) කොවිඩ්-19 ආසාදිතයින් 2,275ක් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනුයි.එම ගණන 438ක් වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 410ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 241ක් ද ඊයේ වාර්තා වී තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 179ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 138 ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 100ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89 දෙනෙකු ද ඊයේ හඳුනාගෙන තිබුණා.

11 1