UPDATE: අතුරුදන් වූ 08 හැවිරිදි පිරිමි දරුවා නිවසට ඇවිත් – පොලිසිය

Update – Time: 07.53

ඊයේ දිනයේ දී අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් ලද 08 හැවිරිදි පිරිමි දරුවා යළි නිවසට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රවෘත්ති අංශය පොළොන්නරුව පොලිසියෙන් සිදු කරන ලද විමසීමක දී එහි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ අද (15) අලුයම් කාලයේ දී එම දරුවා නිවසට පැමිණ ඇති බවත්, පොලිසිය සිදු කරන විමර්ශනවලින් අනතුරුව කරුණු අනාවරණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

——————————————————-

පොළොන්නරුව – සෙවණපිටිය, මහවැව ප්‍රදේශයේ බාලවයස්කාර පිරිමි දරුවෙකු අතුරුදන් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ 08 හැවිරිදි මෙම දරුවා ඊයේ (14) පාසල් ගොස් යළි නිවසට නොපැමිණි බවට දරුවාගේ පියා විසින් පොලිසියට පැමිණිලි කරන ලද බවයි.

අතුරුදන් වූ දරුවා පොළොන්නරුව – කඳුරුවල නගර මහා විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින හෙට්ටිආරච්චි කළු අග්ගල දොන් ඉෂාන් මධූෂ ඔනාත් කුමාර නමැති දරුවෙකු බවයි.

29 හැවිරිදි දෙදරු පියෙකු වන තරංග ලක්ෂාන් නමැති අතුරුදන් වූ දරුවාගේ පියා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම දරුවා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පොළොන්නරුව පොලිසියට හෝ 076-8372189 යන සිය දූරකථන අංකයට දැනුම්දෙන ලෙසයි.

තම පුතු ලංගම බස් රථයෙන් පාසල් ගොස් වෙනදා මෙන් නිවසට නොපැමිණි බවත් සිය පුතු සොයා පාසලට ගිය ද රාත්‍රී 09 තෙක් ම දරුවා සොයාගත නොහැකි වූ බවත් එම දරුවාගේ පියා පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52