මාරක රිය අනතුරක්

ඊයේ (07) උදෑසන කාලයේ තොඩුවාව පොලිස් වසමේ මහවැව තොඩුවාව මාර්ගයේ මට්ටකොටුව ප්‍රදේශයේ දී තොඩුවාව දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදු වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු, එහි පිටුපස අසුනේ ගමන් කළ කාන්තාවක්
ඇතුළු දෙදෙනෙකු බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් එක් කාන්තාවක් මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?