ජම්මු – කාශ්මීර අර්බුදයෙන් ශිෂ්‍යයින්ගේ ජීවිතවලට තර්ජනයක්?

ජම්මු – කාශ්මීරයේ අධ්‍යයන කටයුතු සිදු කරන සිසුවෙකුට ප්‍රදේශවාසීන් පිරිසක් පහර දී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම ශිෂ්‍යයා නාග්පූර්හි ඖෂධ විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටින බවයි.

මෙම පහරදීම පෙරේදා (27) පස්වරුවේ සිදු ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම ශිෂ්‍යයාට පහරකරුවන් 8-9 වතාවක් මහාරාෂ්ට්‍ර – කම්ප්ටී ප්‍රදේශයේ දී පහර දී ඇති බවයි.

නමුත් වින්දිතයාගෙන් මෙතෙක් කිසිම පැමිණිල්ලක් ලැබී නැහැ.

දෝඩා නගරයේ සහ ජම්මුහි පදිංචි පළමු වසරේ ඖෂධවේදී උපාධි අපේක්ෂකයින් දෙදෙනෙකු තම නේවාසිකාගාරයට ආපසු යමින් සිටියදී එක් අයෙකු සිය මිතුරා එනතුරු පාර අයිනේ සිටගෙන සිට තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඒ සමඟම, ප්‍රදේශවාසීන් පිරිසක් එම ස්ථානයට පැමිණ පාර අයිනේ සිටගෙන සිටි ශිෂ්‍යයාගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇති බවත්, ඔහු පැමිණියේ කොහෙන්දැයි දැන ගැනීමට උත්සාහ කර ඇති බවයි.

ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි වූ නිසා, ප්‍රදේශවාසීන් ඔහුට පහරදී ඇති බව ඉන්දීය ප්‍රාන්ත පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේට මෙහෙම කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්න - අනුර ගේන්න කැපවුණේ ඩයස්පෝරාව
02:59
Video thumbnail
සුරේෂ් සලේ වෙනුවෙන් රෑම ආ දිලිත් - සමාවෙන්න වාඩිවෙලා කතා කරන එක ගැන - තාම සැකකරුවෙක් විතරයි..
04:27
Video thumbnail
තිස්සකුට්ටිට - මරික්කාර සැරටම දෙසයි - බදුල්ලෙන් එලවලා මොණරාගලට පැනලා අනුරාධපුරයට ගියපු කෙනානේ
02:10
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය ගැන මරික්කාර් කට උත්තර නැතිවෙන්න කියයි - මම දන්නේ නෑ එහෙම එකක්
03:01
Video thumbnail
පොහොට්ටුවට ගිය බලංගොඩ ආසන සංවිධායකයගේ බොරුව මෙන්න - මේ ඇන්දිලි - ෂෝ..දෙවෙනි පාරටත් රැවැට්ටුවද ?
03:28
Video thumbnail
මරික්කාර් ජනපති අනුර ගැන ගුණ වයයි - බොරු කිව්වත් මේක ගැන හැඟීමක් තියෙනවා
04:05
Video thumbnail
ඩොලරය නඟිනවා කියන්නේ රටේ ණය බර වැඩිවෙනවා - උද්දච්ච උම්මත්තක එවුන්නේ මේ
04:08
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:14:26
Video thumbnail
බිරිඳගෙන් අහන්න කුස්සියේ ආර්ථික අර්බුදයක් නැද්ද කියලා..අනුන්ගේ හිල් ජොක්කු ඇදපු පක්ෂයක්නේ
03:59
Video thumbnail
සලේ නිදොස් කොට නිදහස් වෙන එක සහතිකයි - අද හරිනම් හිර කූඩුවේ ඉන්න ඕනි රවී,ශානි දෙන්නා
04:14