එක් කෝටි විසිපන් ලක්ෂ හතලිස් දහසක් වටිනා දුම්වැටි සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි.

සැකකරු අද උදෑසන 08.35ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මළු 08 ක් තුළ විදේශීය ව නිෂ්පාදිත මැන්චෙස්ටර් සහ ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි 83,600ක් අඩංගු දුම්වැටි කාටූන් 418ක් සඟවා ගෙන සිටියදී අත්අඩංගුවට ගැනුණා.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකරුව අත්අඩංගුවේ තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?