හිටපු ජනාධිපති රනිල් අද අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි හිටපු ජනාධිපතිවරයා මෙලෙස අල්ලස් කොමිසමට කැඳවා ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයාගෙන් මීට පෙර අවස්ථා දෙකකදී අල්ලස් කොමිසමෙන් කැඳවීම් කර තිබූ නමුත්, එම අවස්ථා දෙකේදී ම ඔහු වෙනත් දිනයක් ඉල්ලා සිටියා.

ඒ, අනුව ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් ලිපියක් යොමුකරමින් අද (28) දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට ඉල්ලීමක් කර තිබුණා.

මේ අතර අල්ලස් කොමිසම සඳහන් කළේ සාධාරණ හේතුවක් නොමැතිව ඔහු අද (28) දිනයේ එම කොමිසම හමුවේ පෙනී නොසිටියහොත්, පනතේ 126 වැනි වගන්තිය අනුව කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20