ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කර ඇති සොහොන නැරඹීමට අද සිට අවස්ථාව

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයේ සරල සොහොනක ඊයේ (26) තැන්පත් කරනු ලැබුවා.

වතිකානය දැනුම් දුන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කර ඇති සොහොන අද (27) දිනයේ සිට නැරඹීමට බැතිමතුන්ට අවස්ථාව පවතින බවයි.

ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු වෙනුවෙන් 250,000ක පමණ පිරිසක් සහභාගී වී ඇති බවයි වතිකානය දැනුම් දුන්නේ.

එය 16 වන බෙනඩික්ට් පාප්වහන්සේගේ අවමංගල්‍යයට සහභාගී වූ පිරිසට වඩා 50,000ක පමණ වැඩිවීමක්.

කෙසේ නමුත් 2005 වසරේ දී පැවති දෙවන ජෝන් පෝල් පාප්වහන්සේගේ අවමංගල්‍යයට සහභාගී වූ පිරිසට වඩා අඩු බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ අතර ඊළඟ පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහාවන රැස්වීම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මරණයෙන් දින 15 සිට 20 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සුප්‍රසිද්ධ මයිකල්ඇන්ජලෝ පින්තාරු කරන ලද සිස්ටයින් දේවස්ථානයේ දී මෙම රැස්වීමයි සම්ප්‍රදාය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43