බලශක්ති, සංචාරක, ආයෝජන සහ විදේශ රැකියා ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් පවසනවා.

මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලයේ දී අද (22) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් සහ වැඩිදුයුණු කර දෙරටටම ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැතිවරයා ඇතුළු දූත පිරිස මෙරට සංචාරයක නිරත වනවා.

මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව පාලනයට සුබපැතුම් එක් කළ උප අගමැතිවරයා, නව රජයේ වැඩපිළිවෙළ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උත්සාහය, කැපවීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිබඳ පවතින ධනාත්මක ආකල්පය උප අගමැතිවරයාගේ පැසසුමට ලක් වුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවයි.

අතීතයේ සිදු වූ අයුරින් ආයෝජන අධෛර්යට පත් කරන පරිසරය නැවත ඇතිවීමට ඉඩ නොදෙන බවත්, ආයෝජන ආරක්ෂා කිරීමට නීතිමය ප්‍රතිපාදන සලසන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හා ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට අදාළව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී නියෝජිත කණ්ඩායම දැනුම්වත් කළ ජනාධිපතිවරයා වරාය පර්ය‍න්ත සංවර්ධනය, වරාය නගර සංවර්ධනය, සංචාරක කර්මාන්තය, බලශක්ති ක්ෂේත්‍රය හා ප්‍රවාහන ක්ෂේත්‍ර තුළ ඇති ආයෝජන අවස්ථා පිළිබඳවද කරුණු පැහැදිලි කළා.

කලාපයේ හොඳම ආයෝජන කේන්ද්‍රය හා සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කිරීම නව රජයේ අරමුණ බවද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06