ටීචර් අම්මාට පොලිස් ප්‍රභූ ආරක්ෂාව ලබාදීම වැරදියි – අමාත්‍ය නලින්ද ජයතිස්ස (වීඩියෝ)

උපකාරක පංති ගුරුවරියකට පොලිස් ප්‍රභූ ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් වරදක් සිදුව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්චාවේ දී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් සිදුකරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය හෝ ආණ්ඩුව සිදුනොකරන මෙවැනි ක්‍රියා සමාජය අනුමත නොකළ යුතු බවත්, එවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ක්‍රියාත්මකවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
12
+1
3
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?