අනියම් පෙම ගිනියම් වූ හැටි

අනියම් පෙමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකුට බරපතළ ලෙස කැපුම් ප්‍රහාර එල්ල කර තුවාල සිදු කර, පසුව ඔහුගේ යතුරුපැදිය ගිනිතබා විනාශ කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් පහරදීමෙන් පසුව පොලිසියට භාර වී ඇති බවයි.

මෙම තුවාලකරු මීට වසර 05කට පමණ පෙර හැටන් – කොටගල ප්‍රදේශයේ කාන්තාවක් සමග නීත්‍යනුකූල ව විවාහ වී තිබෙනවා.

නමුත් ඔහු පසුව එම ප්‍රදේශයේ ම තවත් කාන්තාවක් සමග අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව එයට විරුද්ධ වූ නීත්‍යනුකූල බිරිඳගේ හිසට අලවංගුවකින් පහරදීමේ සිද්ධියට එරෙහිව පොලිසියේ ඇයගේ පාර්ශ්වය විසින් පැමිණිල්ලක් ද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව දිඹුලපතන පොලිසිය විසින් සැකකරුව සහ නීත්‍යනුකූල බිරිඳ ඇතුළු ඇයගේ දෙමාපියන් ද කැඳවා සමගියෙන් සිටින බවට සමථයකට පත් කර තිබෙනවා.

නමුත් ටික දිනකට පසුව මෙම පුද්ගලයා යළිත් සිය අනියම් පෙම්වතිය සමග සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටින බව දැක ඇති නීත්‍යනුකූල බිරිඳගේ සහෝදරයින් දෙදෙනකු එම ස්ථානයට ගොස් ඔහුට අමානුෂික ලෙස පහර දී, නීත්‍යනුකූල බිරිඳගේ පියා (මාමණ්ඩිය) විසින් ලබා දී තිබු ලක්ෂ 04කට වඩා වටිනාකමක් සහිත යතුරුපැදියට ද ගිනි තබා ඇති බවයි හෙළි ව ඇත්තේ.

දරුණු ලෙස පහර කෑ මෙම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඹය මූලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (18) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
9
+1
0
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43
Video thumbnail
"අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ"..සජබ ආරාධනාව ගැන තලතාගෙන් සැර කතාවක්
06:04
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37