හාරකෝටියකට වැඩි කොකේන් සහ හෂීෂ් සමඟ තිදෙනෙක් කටුනායක දී අල්ලයි

රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සමඟ එම මත්ද්‍රව්‍ය රැගෙන ආ ගුවන් මගීන් තිදෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් මගීන් තිදෙනා කොළඹ 15, ග්‍රෑන්ඩ්පාස් සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් අද (14) උදෑසන 11.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ බිස්කට් සහ මුරුක්කු අඩංගු පැකට් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 616ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 762ක් සඟවා තිබිය දී සොයාගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් මගීන්ට මේ සදහා ආධාර අනුබල දුන් යක්කල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?කොලඹ නගරේ පුරා එයාගේ බිස්නස් තියෙනවා
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට වෙනම නීතියක්ද ?
00:29
Video thumbnail
"මුදල් දෙන්න කියලා දියණියට තර්ජනය කරනවා"..ඔන්ලයින් ලෝන් මාෆියාව නිසා ජනතාව දැඩි අසරණ වෙයි
12:06