අලුත් අවුරුදු උදාවට හෝරා කිහිපයක් තිබිය දී පුංචි පුතුට දිවි අහිමි වූ ඛේදවාචකය

බලංගොඩ පොලිස් වසමේ රුක්මල්කඳුර ප්‍රදේශයේදී නිවසක ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ලොරි රථයක් පණ ගන්වා නිවසින් පිටව යාමට පසුපසට ධාවනය කරන අවස්ථාවේ දී නිවසේ සිටි පිරිමි දරුවෙකු ලොරි රථයේ වම්පස පිටුපස රෝදයට යටවී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (13) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ පිරිමි දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් දරුවා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

ජීවිතක්ෂයට පත් වූ දරුවා වයස අවුරුදු 01 යි මාස 07 ක් වූ බලංගොඩ, දෙපැලමුල්ල ප්‍රදේශයේ පදිංචි ලොරි රථයේ රියදුරුගේ පුත්‍රයා බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් මියගිය දරුවාගේ පියා බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
2
+1
4
+1
32
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01