අලුත් අවුරුදට ගමේ යන්න විශාල පිරිසක් – අමතර ලංගම බස් 500ක් ධාවනයට (වීඩියෝ)

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අමතර බස් රථ 500ක් පමණ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පවසනවා.

සභාපතිවරයා අද (11) උදෑසන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂක චාරිකාවකට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

අද (11) සහ හෙට (12) යන දෙදින තුළ වැඩි මගීන් ප්‍රමාණයක් ගම්බිම් බලා යෑමට පොදු ප්‍රවාහන සේවය භාවිත කරනු ඇතැයි පැවසූ ඔහු ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සලසා ඇති බවයි පැවසුවේ.

එමෙන්ම මගීන් වැඩි තදබදයක් ඇති ස්ථානවලට විශේෂ බස් රථ යොදවමින් මධ්‍යම බස් නැවතුම්පොළේ මගී තදබදය අවමකර ගැනීමට කටයුතු කර ඇති බව ද ඔහු පවසා සිටියා.

හැටන්, බදුල්ල, වැලිමඩ, මොණරාගල සහ මහනුවර වැනි ප්‍රදේශවලට යෑමට වැඩි මගීන් පිරිසක් පැමිණෙන බව සඳහන් කළ සභාපතිවරයා එම ඉල්ලුමට සරිලන බස්රථ ප්‍රමාණයක් එම ප්‍රදේශවලට යොදවා ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මේ අතර පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සංචාරයන් නිරත අප වාර්තාකරුවන් සඳහන් කළේ අද (11) උදෑසන විඅ විටත් සිය ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට විශාල මගීන් පිරිසක් පෝලිම්වල රැඳී සිටි බවයි.

මේ අතර අධිවේගී මාර්ගය ඔස්සේ සිය ගමන් පහසුව සලසා ගන්නා මගීන් විශාල පිරිසක් අද (11) උදෑසන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණ සිටි ආකාරය දැකගැනීමට හැකි වුණා.

ඒ, වෙනුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ලංගම සහ පෞද්ගලික බස් රථ සාමාන්‍ය දිනවලට වඩා වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට විශේෂ දුම්රිය සේවා අද (11) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32