රථවාහන දඩ මුදල් ගෙවන්න අද සිට අලුත් ක්‍රමයක්

රථවාහන වැරදිවලට අදාළ දඩ මුදල් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවිමේ නියමු ව්‍යාපෘතියක් අද (11) දිනයේ සිට ආරම්භ වනවා.

ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

මෙම නියමු ව්‍යාපෘතිය අද (11) සිට ලබන 30 වන දින දක්වා කුරණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරක්කුලුම සහ අනුරාධපුර යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවයි පොලිසිය සඳහන් කළේ.

රියදුරන් විසින් කරනු ලබන රථවාහන වැරදි සදහා පොලිස් නිලධාරී විසින් නිකුත් කරන දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත රැගෙන ගොස් ගෙවීමේ ක්‍රමය දැනට ක්‍රියාත්මක වනවා.

එහිදී නිකුත් කෙරෙන කුවිතාන්සිය නැවත පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීමට හැකියාව පවතිනවා.

මෙම නව ක්‍රමවේදය ඔස්සේ දඩ මුදල GovPay යෙදවුම හරහා ගෙවීම් සිදුකර එය කෙටි පණිවුඩයක් ඔස්සේ පොලිස් නිලධාරීන්ට තහවුරු කර එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීමට හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08