34 වසරකට පසුව අධි ආරක්ෂිත කලාපයක් ලෙස තිබූ යාපනය – පලාලි මාර්ගය විවෘත කෙරේ

34 වසරකට පසුව අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කර තිබූ යාපනය – පලාලි මාර්ගය මහජනතාවට විවෘත කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පැවති කුරිරු එල්ටීටීඊ යුද්ධ හේතුවෙන් මෙම කලාපය අධිආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබූ බවයි.

පලාලි – පේදුරුතුඩුව මංසන්ධිය දක්වා වූ මාර්ගය අද (10) දින පෙරවරුවේ සිට සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් යුද හමුදාව විසින් විවෘත කරනු ලැබුවා.

මේ අනුව යාපනය – පලාලි ප්‍රධාන මාර්ගයේ පිහිටි වාසවිලාන් මංසන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි දක්වා ඇති කිලෝමීටර් දෙකහමාරක දුර මාර්ගය අද උදෑසන සිට ගමනාගමනය සඳහා විවෘත කිරීමට පලාලි යුදහමුදා කඳවුර විසින් පියවර ගත්තා.

කෙසේ වෙතත් විවෘත කරන ලද මාර්ගයේ ගමන් කරන මගීන්ට පිළිපැඳිය යුතු කොන්දේසි 07ක් යුද හමුදාව විසින් දැනුම්දී ඇති අතර ඒ අනුව, මාර්ගය විවෘතව පවතින්නේ උදෑසන 06 සිට සවස 5 දක්වා කාලය අතර වනු ඇති.

විවෘත කරන මාර්ගයේ අතරමග වාහන නවතා තැබීම තහනම් කිරීම, මාර්ගයේ ගමන්කරන අතරතුර මග දෙපස ඡායාරූප වීඩියෝ ගැනීම තහනම් කිරීම, අදාළ මාර්ගය දෙපස ඇවිදීම තහනම් කිරීම, මගී ගමනාගමනය හැර වෙනත් කටයුතු සඳහා මාර්ගය භාවිත නොකිරීම, මාර්ගයේ ගමන් කරන වාහනවල උපරිම වේගය පැයට කිලෝමීටර් 40ක් වීම සහ මාර්ගයේ ගමන් කරන අයගේ අනන්‍යතාව ගැන ආරක්ෂක අංශ දැනුවත් කිරීම යනාදි කරුණු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56