මර්වින් ආයෙත් හිරේට යද්දී ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට විවෘත වරෙන්තු

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මහර මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා මහත්මිය විසිනුයි අදාළ නියෝගය නිකුත් කරන ලද්දේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (09) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදීයි.

එම සිද්ධියේ සැකකරුවන් වන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, සරත් කුමාර එදිරිසිංහ හා මිල්රෝයි පෙරේරාට ද මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කෙරුණා.

මෙම සිදුවීමට අදාළ ව හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ, ලබන 21 වැනිදා දක්වා සැකකාර හිටපු අමාත්‍යවරයා ව යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසයි.

පසුගිය මාර්තු 05 වැනිදා රාත්‍රියේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අනෙක් සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා සොයා පසුගිය සතියේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කැලණිය, කිරිබත්ගොඩ, කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ස්ථාන රැසක් පරීක්ෂා කර තිබුණත් ඔවුන් පිළිබඳව මේ වන තුරු කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැති බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14