කටුනායක වෙඩි තැබීම පින්තු ඝාතනයට පළිගැනීමක් (වීඩියෝ)

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ ජුකී මැෂින් ආයතනයක හිමිකරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ (08) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට හේතුව පාතාල කල්ලි සිදුවීමක් බව පොලිසිය සැක පළ කරනවා.

මීට වසර තුනකට ඉහත දී අපරාධ කල්ලි සාමාජික පින්තු ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සීදුවේ ‘ඉඳිකටු ජූඩ්’ නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මරණකරු ඊයේ සිය වෙළෙඳසැලේ රැඳී සිටියදි වෙඩි ප්‍රහාරයට ගොදුරු වුණා.

හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 51 හැවිරිදි මෙම පුද්ගලයාව කඩිනමින් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණ ද ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගිහාන් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තුවකට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ද වාර්තාවනවා.

මරණකරු විසින් පාතාල කල්ලි සාමාජික පින්තු ගැන ලබා දුන් ඔත්තුවක් හේතුවෙන් අදාළ අපරාධකරු ජීවිතක්ෂයට පත් වූ බවත් ඊට පළිගැනීමක් ලෙස මෙය සිදු කර ඇති බවයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59