ව්‍යාජ හෘද රෝග වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත් හතක් ජීවිතක්ෂයට

ව්‍යාජ හෘද රෝග වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර කිරීමෙන් පසු රෝගීන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දාමෝ ප්‍රදේශයේ රෝහලක සේවය කළ වෛද්‍යවරයෙකු විසින් හෘද රෝගීන්ට ප්‍රතිකාර කර ඇති බවත්, ඔහුගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් කිහිපදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ බව කියන වෛද්‍යවරයා එක්සත් රාජධානියේ ප්‍රසිද්ධ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන මහාචාර්ය ජෝන් කැම්ගේ නම අනිසි ලෙස භාවිත කර රෝගීන් නොමඟ යවා ඇති බවයි හෙළිව ඇත්තේ.

ඒ, අනුව අදාළ පුද්ගලයාගේ සැබෑ නම නරේන්ද්‍ර වික්‍රමාදිත්‍ය යාදව් බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මෙම පුද්ගලයා විදේශයක සිට අධ්‍යාපනය ලබා පුහුණුව ලබා ඇති බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මරණ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඉන්දියාවේ ජාතික මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමක් විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අද (07) සිට ලබන 09 වනදා දක්වා මානව හිමිකම් කොමිසමේ නිලධාරී කණ්ඩායමක් අදාළ රෝහලට ගොස් විමර්ශන සිදුකරන බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර ඇත්තේ.

ඕනෑම වින්දිතයෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට මෙම සිද්ධියට අදාළ තොරතුරු ලබාදීමට අවශ්‍ය නම්, ඔවුන්ට දමෝහි සිටින විමර්ශන කණ්ඩායම හමුවිය හැකි බවට ද දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56