දරුවන් තිදෙනෙකුගේ මෝටර් රථයක් ගැටී අනතුරක් – අවුරුදු 05ක දැරියක් ජීවිතක්ෂයට

මහබාගේ පොලිස් වසමේ වැලිසර ප්‍රදේශයේ දී මෝටර් රථයක් නිවසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි දරුවන් තිදෙනෙකුගේ ගැටීමෙන් ඊයේ (05) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් දරුවෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක දැරියක්වන අතර තුවාල ලැබූ අනෙක් දරුවන් දෙදෙනා මේ වනවිට බරපතල තත්ත්වයේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

අනතුරු සිදුකරන ලද මෝටර් රථ රියදුරු යතුරුපැදිකරුවෙකු පිටුපස හැප්පීම සඳහා හඹා යන අවස්ථාවේ දී නිවසක් ඉදිරිපිට සිටි දරුවන් තිදෙනාගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?