17 පෙම්වතා 13 හැවිරිදි පෙම්වතිය සමඟ මාසයක් පවුල් කාලා

වයස අවුරුදු 13ක වන බාල වයස්කාර දැරියක් සමඟ අඹු සැමි ඇසුරක් පැවැත් වූ බව කියන 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසනවා.

මාරවිල – මැදකටුනේරි ප්‍රදේශයේ පදංචි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

දැරිය දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්වන අතර, 2023 වසරේ දී දුරකථනය මඟින් මොවුන් දෙදෙනා හඳුනාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ඔදුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟී ඇති අතර, මෙම සම්බන්ධයට දැරියගේ මව සහ සුළු පියා ඊට විරෝධය පළකර තිබෙනවා.

කෙසේ වෙතත් දෙදෙනා එම ප්‍රේම සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස් ඇති අතර, පසුගිය පෙබරවාරි මාසයේ දිනක සැකකාර පෙම්වතා දැරියගේ නිවසට ද ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙහිදී දැරිය නිතර පෙළෙන රෝගයකට කටුනේරිය ප්‍රදේශයේ දේවස්ථානයක ප්‍රතිකාර කරන බව පවසා සැකකරු සිය 13 හැවිරිදි පෙම්වතිය කටුනේරිය ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එම දේවස්ථානයට ගොස් දැරියට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව දෙදෙනාම සැකකරුගේ නිවසට ගොස් එහි නැවතී ඇති බවයි තොරතුරු හෙළිව ඇත්තේ.

එසේ නවාතැන් ගත් දින සිට මේ දක්වා සැකකරු සහ තමන් අඹු සැමියන් ලෙස ජීවත් වූ බවයි දැරිය පොලිසිය ගනුවේ පවසා ඇත්තේ.

පෙම්වතා සමඟ ප්‍රතිකාර ගැනීමට ගිය දැරිය මාසයක කාලයක් යන තුරු ආපසු නිවසට නොපැමිණීමේ හේතුවෙන් දැරියගේ මව විසින් මේ බව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවල දී මොවුන් දෙදෙනා සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

සොයාගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ඇයගේ මව භාරයේ මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පෙම්වතා මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
57
+1
121
+1
38
+1
68
+1
20
+1
32
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41

?