17 පෙම්වතා 13 හැවිරිදි පෙම්වතිය සමඟ මාසයක් පවුල් කාලා

වයස අවුරුදු 13ක වන බාල වයස්කාර දැරියක් සමඟ අඹු සැමි ඇසුරක් පැවැත් වූ බව කියන 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසනවා.

මාරවිල – මැදකටුනේරි ප්‍රදේශයේ පදංචි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

දැරිය දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්වන අතර, 2023 වසරේ දී දුරකථනය මඟින් මොවුන් දෙදෙනා හඳුනාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ඔදුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟී ඇති අතර, මෙම සම්බන්ධයට දැරියගේ මව සහ සුළු පියා ඊට විරෝධය පළකර තිබෙනවා.

කෙසේ වෙතත් දෙදෙනා එම ප්‍රේම සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස් ඇති අතර, පසුගිය පෙබරවාරි මාසයේ දිනක සැකකාර පෙම්වතා දැරියගේ නිවසට ද ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙහිදී දැරිය නිතර පෙළෙන රෝගයකට කටුනේරිය ප්‍රදේශයේ දේවස්ථානයක ප්‍රතිකාර කරන බව පවසා සැකකරු සිය 13 හැවිරිදි පෙම්වතිය කටුනේරිය ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එම දේවස්ථානයට ගොස් දැරියට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව දෙදෙනාම සැකකරුගේ නිවසට ගොස් එහි නැවතී ඇති බවයි තොරතුරු හෙළිව ඇත්තේ.

එසේ නවාතැන් ගත් දින සිට මේ දක්වා සැකකරු සහ තමන් අඹු සැමියන් ලෙස ජීවත් වූ බවයි දැරිය පොලිසිය ගනුවේ පවසා ඇත්තේ.

පෙම්වතා සමඟ ප්‍රතිකාර ගැනීමට ගිය දැරිය මාසයක කාලයක් යන තුරු ආපසු නිවසට නොපැමිණීමේ හේතුවෙන් දැරියගේ මව විසින් මේ බව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවල දී මොවුන් දෙදෙනා සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

සොයාගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ඇයගේ මව භාරයේ මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පෙම්වතා මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  1. දරුවන් ගැන දෙමව්පියන්ට තිබුන සැලකිලිමත් භාවය මේකෙන් පෙනෙන්නේ. මාසයක් යනතුරු අම්මා හොයල නෑ සහ අකමැති තරුණයෙකුට දුව භාර කිරීම ගැටලු සහගතයි. තරුණයගේ දෙමව්පියන් කොහේද මේ කාලෙ හිටියෙ???

  2. Me wage dhewal kochchra nam wenwadha gam wala… mita wada antha dhewal wenawa. Police gaane giyama nikan we#@yo wea nisa eliyata enne nathi dhewal kochchra thiyhwqda… nithiyak rakinna inna aya gawata giyama ita wada dhewal karaganna wena nisa asarana dhuwala, nangila, akkala, kochchra dhuk widhinwada me jaraa samajaye.. anantha appamana rawatili…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46