ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳාගැනීමට උපදේශක අනුකාරක සභා ත්‍රිත්වයක්

දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ 2025 ජනවාරි මස 24 වැනි සිකුරාදා දින පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක විසින් අනුකාරක සභා ත්‍රිත්වයක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

ප්‍රථම අනුකාරක සභාව අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති අතර මෙම වෘත්තිකයන් වෙනුවෙන් වෘත්තිමය වශයෙන් පිළිගැනීමක් ඇති කිරීම අරමුණු කොට තිබෙනවා.

ඒ, අනුව මෙහිදී පුද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ත්‍රීරෝද රථ රියදුරන් සහ ඉලෙක්ට්‍රොනික යෙදවුම් හරහා ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නියැලී සිටින්නන් (App Base Workers) වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ETF) දායකත්වය ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ පරීක්ෂා කෙරෙනවා.

මෙම අනු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ලෙස චන්දන සූරියආරච්චි (සභාපති), ජගත් විතාන, දිනිඳු සමන් සහ දේවානන්ද සුරවීර යන අය පත්කොට තිබෙනවා.

දෙවැනි අනුකාරක සභාව ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතීමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම වෙනුවෙන් පිහිටුවා ඇති අතර, මේ මගින් ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතීමය රාමුව ශක්තිමත් කිරීම, ඉදිරි වසර පහකින් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිශානතිය කෙබඳු ද යන්න තීරණය කිරීම, ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කිරීමේ දී කාන්තාවන් සහ ආබාධිත ප්‍රජාව මුහුණ දෙන ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම සහ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා නෛතික සහ පරිපාලනමය යෝජනා ඉදිරිපත් කිරීම අරමුණු කර තිබෙනවා.

මෙම අනු කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරු ලෙස නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර (සභාපති), සුගත් වසන්ත ද සිල්වා, තනුර දිසානායක සහ සුජීව දිසානායක යන අය පත්කොට තිබෙනවා.

තෙවැනි අනුකාරක සභාව ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම වෙනුවෙන් පිහිටුවා ඇති අතර මේ මගින් පවතින සම්පත් භාවිත කොට ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි මූලික අභිප්‍රායන් හා බැඳී පවතින අංශ දියුණු කිරීම සහ අතිරේක සේවා නිර්මාණය කොට එමගින් අමතර ආදායම් උත්පාදනය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19