ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳාගැනීමට උපදේශක අනුකාරක සභා ත්‍රිත්වයක්

දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ 2025 ජනවාරි මස 24 වැනි සිකුරාදා දින පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක විසින් අනුකාරක සභා ත්‍රිත්වයක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

ප්‍රථම අනුකාරක සභාව අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති අතර මෙම වෘත්තිකයන් වෙනුවෙන් වෘත්තිමය වශයෙන් පිළිගැනීමක් ඇති කිරීම අරමුණු කොට තිබෙනවා.

ඒ, අනුව මෙහිදී පුද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ත්‍රීරෝද රථ රියදුරන් සහ ඉලෙක්ට්‍රොනික යෙදවුම් හරහා ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නියැලී සිටින්නන් (App Base Workers) වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ETF) දායකත්වය ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ පරීක්ෂා කෙරෙනවා.

මෙම අනු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ලෙස චන්දන සූරියආරච්චි (සභාපති), ජගත් විතාන, දිනිඳු සමන් සහ දේවානන්ද සුරවීර යන අය පත්කොට තිබෙනවා.

දෙවැනි අනුකාරක සභාව ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතීමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම වෙනුවෙන් පිහිටුවා ඇති අතර, මේ මගින් ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතීමය රාමුව ශක්තිමත් කිරීම, ඉදිරි වසර පහකින් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිශානතිය කෙබඳු ද යන්න තීරණය කිරීම, ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කිරීමේ දී කාන්තාවන් සහ ආබාධිත ප්‍රජාව මුහුණ දෙන ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම සහ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා නෛතික සහ පරිපාලනමය යෝජනා ඉදිරිපත් කිරීම අරමුණු කර තිබෙනවා.

මෙම අනු කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරු ලෙස නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර (සභාපති), සුගත් වසන්ත ද සිල්වා, තනුර දිසානායක සහ සුජීව දිසානායක යන අය පත්කොට තිබෙනවා.

තෙවැනි අනුකාරක සභාව ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම වෙනුවෙන් පිහිටුවා ඇති අතර මේ මගින් පවතින සම්පත් භාවිත කොට ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි මූලික අභිප්‍රායන් හා බැඳී පවතින අංශ දියුණු කිරීම සහ අතිරේක සේවා නිර්මාණය කොට එමගින් අමතර ආදායම් උත්පාදනය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43