Empty Ad
AFC Banner
Empty Ad

ඇමති බංගලාවලට ඉහළ ඉල්ලුමක්

ඇමති බංගලාවලින් කිහිපයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

මේ අතර ඇමති බංගලා කුලී පදනම මත ලබාදෙන ලෙස විවිධ ආයතනවලින් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

විවිධ අමාත්‍යාංශ සහ ආයතන, විශ්ව විද්‍යාල මේ අතර වන බවයි වාර්තා වුණේ.

වර්තමාන රජයේ අමාත්‍යවරුන් නිල නිවාස භාර නොගැනීමේ ප්‍රතිපත්තිමය තීරණය මත, මේ වන විට කොළඹ ඇති ඇමති බංගලා හිස්ව පවතිනවා.

මේ අතර ඇමති නිල නිවාස ඵලදායී වැඩපිළිවෙළකට යොදාගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
<p>?</p>